අපගේ ජ්‍යොතිෂය සේවාවන්

ඔබගේ හෝ ඔබගේ දරුවාගේ කේන්ද්‍රය නිවැරදිව පරික්ෂා කර ගැනීමට අප ජ්‍යොතිෂය ගුරුකුලය සමග සම්බන්ධ වන්න. 2008 වසරේ පටන් ඹ්ස්ට්‍රෙලියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, අරාබිය, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල ජ්‍යොතිෂයට ලැදි ජනතාවගේ කේන්ද්‍ර පරික්ෂා කර අත්දැකීම් ලබා ඇති අපගේ ඒකායන අරමුණ අප සේවාදායකයන්ගේ ජිවිත අධ්‍යාත්මික සහ ලෞකික වශයෙන් සාර්ථක කර දීමයි. මේ සදහා සම්මත ඍෂි භාෂිත ජ්‍යොතිෂය සිද්ධාන්ත මෙන්ම විවිධ දේවතාවන්ගෙන් අප ඉගෙනගත් රහසිගත ජ්‍යොතිෂය සිද්ධාන්තද භාවිතා කරණු ලැබේ. අපෙන් ජ්‍යොතිෂය උපදෙස්  ලබා ගත් බොහෝ දෙනා එම උපදෙස් නිසි පරිදි පිළිපැද තමන්ගේ ජීවිතය අධ්‍යාත්මික සහ ලෞකික වශයෙන් සාර්ථක කරගෙන ඇති අතර නිවැරදි ලෙස දෙවියන්ගේ උපකාර ලබා ගෙනද ඇත. අප හා සම්බන්ධ වීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.

සම්පුර්ණ ජිවිත පලාපල - ඹබට ඕනෑම ගැටළු සංඛ්‍යාවක් ඇසිය හැක

ඔබගේ ජිවිතයේ පහත අංශ ගැන සවිස්තරාත්මක පලාපල කථනයක් (ඵනම් ඔබගේ ජීවිතය ගලා ගෙන යන ආකාරය ගැන අංග සම්පුර්ණ විස්තරයක්) අප විසින් ඔබගේ හඳහන උසස් ජ්‍යොතිෂය සිද්ධාන්ත සහ ජ්‍යොතිෂය ගණිතය ඇසුරින් විශ්ලේෂණය කර ඔබට විද්යුත් තැපෑල ඇසුරින් එවනු ලැබේ. මේ සදහා දින 5ක් හෝ 7ක් ගත වන බව සලකන්න. 
අය කිරීම : රු. 2000 හෝ ඇ. ඩෝ. 20

පලාපල විස්තරයේ අඩංගු කරුණු:
ඔබගේ චරිතය - දක්ෂතා - දුර්වලතා - අධ්‍යාපනය - සහජ දක්ෂතා - රැකියා සහ ව්‍යාපාර - ආදරය - විවාහය - පවුල් ජීවිතය - දරුවන් - සතුරන් - ලෙඩරෝග - කරදර - ඍණාත්මක කර්ම පල - ධනය - නිවාස ලාභ - ඉඩකඩම් - විදෙස් ගත වීම - සුභ කර්ම පල සහ ඒවා වැඩි දියුණු කරගන්නා ආකාරය - සරල ග්‍රහ ශාන්ති කර්ම - ඔබට සුභ මැණික් - දේව පුජා

සාමාන්‍ය ජිවිත පලාපල - ඔබගේ ප්‍රශ්න 3කට පිළිතුරු

ඔබ දැනට ගත කරන දශා කාලයන් සහ ග්‍රහ ගෝචර පල අනුව ඔබගේ ගැටළු තුනකට පමණක් පිළිතුරු විද්යුත් තැපෑල ඇසුරින් ඔබට එවනු ලැබේ. මේ සදහා දින 2ක් හෝ 3ක් ගත වන බව සලකන්න. අය කිරීම : රු. 500 හෝ ඇ. ඩෝ. 5

පොරොන්දම් සහ ග්‍රහ පරික්ෂණය

අප විසින් ඔබගේ හඳහන් දෙක සහ අටවිසි පොරොන්දම් උසස් ජ්‍යොතිෂය සිද්ධාන්ත සහ ජ්‍යොතිෂය ගණිතය ඇසුරින් විශ්ලේෂණය කර ඔබට පොරොන්දම් සහ ග්‍රහ පරික්ෂණ වාර්තාව විද්යුත් තැපෑල මගින් එවනු ලැබේ. මේ සදහා දින 3ක් හෝ 4ක් ගත වන බව සලකන්න. දෙදෙනාගේ විවාහ ජීවිතය සම්බන්ධ දරු පල, නිවාස දේපළ වාසනා, ධනය, ලිංගික සතුට, විදෙස් ලාභ, ආදී තොරතුරු අඩංගු වේ.  අය කිරීම : රු. 2000 හෝ ඇ. ඩෝ. 20

සියලුම ජ්‍යොතිෂය කියැවීම් සදහා පහත තොරතුරු ඉතාමත් නිවැරදිව අවශ්‍ය වේ.

උපන් දිනය - උපන් වේලාව - උපන් රට හා නගරය - ස්ත්‍රි පුරුෂ භාවය - විවාහක අවිවාහක බව - ඔබ නිවුන් දරුවන්ද යන්න අපට දැනුම් දීම වැදගත්. අප ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කරනු ලැබේ.

නැකත්

විවාහ මංගල නැකත් සීට්ටු හැර අන් සියළුම නැකත් සදා දෙනු ලැබේ. අලුත උපන් බිළිදුන්ට නම් තැබීම සහ අක්ෂර නිකුත් කිරීමද කරනු ලැබේ. අය කිරීම : රු. 1000 හෝ ඇ. ඩෝ. 10 

කේන්ද්‍ර සෑදීම

දේශීය සහ විදේශිය කේන්ද්‍ර සෑදීම කරනු ලැබේ. අය කිරීම : රු. 1000 හෝ ඇ. ඩෝ. 10

අභිසම්භිදාන සුවඳ ධුපය

මෙම සුවඳ ධූපය මහා අභිසම්භිදාන පිරිතෙන්ද, ඉතා පැරණි රහස් ආකර්ෂණ මන්ත්‍ර කීපයකින්ද, පුස්කොළ පොතකින් සොයාගත් මහා ලක්ෂ්මී මන්ත්‍රයකින්ද, නිර්මාංශිකව කැපවී ජීවම් කර ඇත. නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ උදේ, සවස දුම් ඇල්ලීම මඟින් ඇස්වහ, කටවහ දෝෂ, ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ, වින දෝෂ ආදිය දුරුවී සෞභාග්‍යය උදාකර ගැනීමට හැකිවේ. මෙම සුවඳ ධුපයේ අඩංගු ද්‍රව්‍යය වන්නේ සුදුහදුන්, රත්හදුන්, දේවදාර, අගිල්, සාම්බ්‍රානි, ගුගුල්, සුවද කොට්ටම්, ජටාමාංස, සැවන්දරා සහ විෂ්ණුක්‍රාන්ත්‍රිය. 50gක පැකට්ටුවක් Rs.100ක් වේ. මෙම සුවඳ ධූපය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

යන්ත්‍ර සහ වෙනත් ශාන්ති කර්ම

ඔබට සෞභාග්‍යය උදා කරදෙන බලගතු බෞද්ධ යන්ත්‍ර, දිව්‍යමය යන්ත්‍ර, ජ්‍යොතිෂය යන්ත්‍ර සහ ඔබට අවශ්‍ය වෙනත් ශාන්ති කර්ම සිදු කරවා ගැනීම සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

සේවා ගාස්තු ගෙවීම

අපගේ ජාතික ඉතිරි කිරීමේ (NSB) බැංකු ගිණුමට බැර කිරීම හෝ විදෙස් මුදල් සම්ප්‍රේෂණ සේවා මගින් (Western Union, MoneyGram, XpressMoney, වැනි...) කළ හැක. වැඩි විස්තර සදහා අපගේ විද්යුත් ලිපිනය හරහා සම්බන්ධ වන්න. සියලුම සේවාවන් ලබා ගැනීමට පෙර දින පරික්ෂාවක් කර ඔබගේ කටයුත්ත සදහා දින පරාසයක් වෙන් කර ගත යුතුය. ජ්‍යොතිෂය කටයුතු සදහා විමසීම් කිරීමේදී විද්යුත් තැපෑල හෝ SMS කෙටි පණිවිඩ මගින් පමණක් අප හා සම්බන්ධ වන්න. ඔබට වඩාත් ගුණාත්මක ජ්‍යොතිෂය සේවාවක් ලබා දීමට අප කැපවී සිටින නිසා දුරකථන සංවාද සදහා අපට කාලය මිඩංගු කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න. විද්යුත් තැපෑල මගින් කරන විමසීම් සදහා පිළිතුරු එවීමට දින දෙකක කාලයක ප්‍රමාදයක් සිදු විය හැකි අතර SMS කෙටි පණිවිඩ මගින් කරන විමසීම් සදහා පිළිතුරු එවීමට පැය 7ක කාලයක ප්‍රමාදයක් සිදු විය හැක.